HIRU TV

Tuesday, September 17, 2013

Peeping tom teacher refused bail

සිසුවියන්ගේ නිරුවත රූගත කළ ගුරාට ඇප නැ

Peeping tom teacher refused bail

 
Hammer 410px 13 04 09hirunewsඅනුරාධපුර නගරයේ උපකාරක පන්තියක වැසිකිළියේ වීඩියෝ සහිත ජංගම දුරකථනයක් සවිකර, බාල වයස්කර සිසුවියන්ගේ දර්ශන රූගත කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගුරුවරයාගේ ඇප ඉල්ලීම අද යළි ප්‍රතික්ෂේප කෙරිණ.
ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු චන්දිම එදිරිමාන්න මහතා විසිනි.
ඒ අනුව සැකකාර ගුරුවරයා ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේ ය.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අනුරාධපුර නව නගරයේ 5 වන පටුමගේ පිහිටි උපකාරක පංතියක ඉංග‍්‍රීසි ගුරුවරයෙකු වශයෙන් සේවය කළ ගොරකහවත්ත, හිඟුරන්ගොඩ, පදිංචි අයෙකි.
අනුරාධපුර මුලස්ථාන පොලිසියේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට
ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර ගුරුවරයා මේ මස 01 වන දින අත්අඩංගුවට ගත් අතර, ඔහු ළඟ තිබී අසභ්‍ය විඞීයෝ දර්ශන සහිත ජංගම දුරකථනයකුත් බාල වයස්කාර පාසල් සිසුවියන් වැසිකිළියට යන අවස්ථාවේ ඒවායේ දර්ශන විඩියෝ ගත කර එහි දත්ත ගබඩා කරගත් මෙමරි කාඩිපතක් ද අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ අදාළ ජංගම දුරකථනයට භාවිතා කළ මෙමරි කාඩිපත ඔහු විසින් කටේ දමා හපා තිබුණි.
වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින්, අනුරාධපුර පොලීසිය කියා සිටියේ සිසුවියන්ගේ දර්ශන රූගත කළ බව කියන කැමරාවේ දත්ත ඇතුළත් එම චිපය වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ විශේෂ පර්යේෂණ ආයතනයට යොමු කර ඇති බව ය.
සැකකරු ළඟ තිබුණු ජංගම දුරකථන සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරික්‍ෂණ සිදු කරන බවත් සැකකරු ගුරු වෘත්තියේ නියැලීමට සුදුසුකම් ලබා ඇත්තෙක් ද යන්න අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් පරික්‍ෂණ සිදුකල යුතු බැවින් ඔහුට ඇප ලබා නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment