HIRU TV

Tuesday, September 17, 2013

World's ugliest animal

ලොව අවලස්සනම සතා, බ්ලොබ් ෆිෂ්

World's ugliest animal

 
Blobfish 17-09-13HIRUNEWSලොව අවලස්සනම සතා ලෙස වැඩිම මනාප දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කලාපයට ආවේනික ‘බ්ලොබ් ෆිෂ්’ නම් අමුතු පෙනුමක් ඇති සත්ත්වයා සමත්විය.
සතුන් සංරක්ෂණය කිරීමේ සංගමයේ නිල ලාංඡනය වීමට ගෝලාකාර ජෙලටීනමය සිරුරක් ඇති බ්ලොබ් ෆිෂ්ට ඒ අනුව වැඩිම මහජන ඡන්දය හිමිව ඇත.

ගිණිකොනදිග ඕස්ට්‍රේලියාව හා ටස්මේනියාව ආශ්‍රිත මීටර් 600ත් 1200 අතර ගැඹුරු මුහුදු ප්‍රදේශවල මෙම මත්ස්‍යයා ජීවත්වෙයි. පොකිරිස්සන් හා කකුළුවන් ආහාරය ලෙස ගන්නා මෙම මත්ස්‍යයා නිරන්තරව මසුන් මරන්නන්ගේ දැල්වලට හසු වීමේ තර්ජනය
ට ලක්ව ඇත.

මෙම ඡන්ද විමසීමේදී ලොව අවලස්සනම සත්ත්වයා කිරුළ දිනා ගැනීමට ‘බ්ලොබ් ෆිෂ්’ මත්ස්‍යයා සමඟ තවත් සත්ව විශේෂ කිහිපයක් තරඟ වැඳුණේය.
විශාල නාසයක් සහිත proboscis monkey වඳුරන් විශේෂය, ඌරෙකුට සමාන නාසයක් ඇති කැස්බෑ විශේෂය (pig-nosed turtle) ද scrotum frog ලෙස හඳුන්වන උභය ජීවි විශේෂය හා pubic lice නම් කෘමි විශේෂයද ඒ අතර විය.

No comments:

Post a Comment