hirunewsඅනියම් ප්‍රේම සම්බන්ධතාවක් මුල්කර ගත් ආරාවුලක් හේතුවෙන් ගුවන් හමුදා සෙබලෙකු බිරිද සහ නැන්දම්මා කපා කොටා ගෙළ වැළලා ගෙන සියදිවි හානිකර ගෙන ඇත .
රත්තොට පල්ලේවේරගම ප්‍රදේශයෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තාවේ.
බිරිදගේ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් නිසා ඇතිවූ ආරාවුලකින් පසු නිවස තුළළදිම බිරිද සහ නැන්දම්මා කපා ඇති ගුවන් සෙබලා ආධාරකයක් සකසාගෙන ගෙළ වැළලා ගෙන ඇති බවත් තියුණු ආයුධයකින් කපා නැන්දම්මා ඝාතනය කර ඇති බවත් රත්තොට පොලිසිය කියයි.
පල්ලේවේරගම කේ.ආර්.කුමාරසිංහ ජනක ශ්‍රී කුමාරසිංහ ( 31 ) නමැති එක්දරු පියා සියදිවි හානිකර ගෙන ඇති ගුවන් හමුදා සෙබලා බවට හදුනා ගෙන ඇති අතර කැපුම් තුවාල සහිතව
ගුවන් සෙබලාගේ බිරිද චන්ද්‍රකාන්ති විජේතුංග නමැතිතිය බරපතල කැපුම තුවාල සහිතව මාතලේ මහ රෝහලට ඇතුලත් කළ බව රත්තොට පොලීසිය කියයි.
‘හේමන්ත මේවාට වගකියන්න ඕනෑ ’ යනුවෙන් බිත්තියේ ලියා තැබූ ගුවන් සෙබලා තම දරුවා ඥාති නිවසක ආරක්ෂිතව තබා පැමිණ මෙම ඝාතනය කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණයේදී අනාවරණයවී ඇත.
No comments:
Post a Comment