
මෙය ලිංගික බෙලහීනතාවයෙන් යුක්ත පුද්ගලයින්ට ලබාදෙන ඖෂධයක් වන අතර එය වෛද්‍ය නිර්දේශවලින් තොරව භාවිතය අහිතකර බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ඖෂධය භාවිතකරන පුද්ගලයින් කාන්තා හිංසනය සහ ස්ත්‍රී දූෂණවලට පොළඹවන අවස්ථා පිළිබඳව ද තොරතුරු ලැබීඇති අතර අධික රුධිර පීඩනයකින් යුත් පුද්ගලයෙකු මෙම ඖෂධය භාවිත කළහොත් ජීවිත අවදානමක් ද පවතින බවටද තොරතුරු අනාවරණ
ය වී ඇත.
මේ හේතුවෙන් වෛද්‍ය නිර්දේශවලින් තොරව අදාළ ඖෂධය අලෙවිකරන ඔසුසැල් සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එවන් ඔසුසැල්වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා අතර එම ඔසුසැල්හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම අමාත්‍යංශය අවධාරණය කරයි.
No comments:
Post a Comment