hirunewsකොළඹ සිට ලන්ඩනය බලා ගමන් කරමින් සිටියදී හදිස්සියේ ගොඩ බැස්ස වූ ශී‍්‍ර ලංකන් ගුවන් සේවයට අයත් ඒ 330 වර්ගයේ එයාර් බස් යානයේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ද ගමන්කර සිට ඇතැයි වාර්තා වේ.
මහේල එම ගුවන් යානයේ ගමන්ගෙන ඇත්තේ හෙට 24 වැනිදා ලොඩ්ස් හි පැවැත්වීමට නියමිත හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයින්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා සහභාගිවීමටය.
එම ගුවන් යානයේ බෝම්බ ඇතැයි කියමින් බි‍්‍රතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු කළහකාරී ලෙස හැසිරීම නිසා මේසේ හදිස්සියේ ගොඩබස්වනු ලැබීය.
බි‍්‍රතාන්‍ය පොලීසිය විසින් පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිනි.
එම ගුවන් යානය ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපල වෙත
ගොඩබෑමට නියමිතව තිබූ අතර මෙම කලබලය හේතුවෙන් එය ස්ටැන්ස්ටෙඩ් ගුවන් තොටුපලට ගොඩ බස්වා පරීක්ෂා කර තිබිනි.
මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 260ක් පමණ ගමන් කරමින් සිට ඇති බව ද වාර්තා වේ.
No comments:
Post a Comment