HIRU TV

Thursday, September 26, 2013

"Puss Wedilla" to be fired at Sanath

පුස් වෙඩිල්ල සනාට පත්තුවෙන ලකුණු !

"Puss Wedilla" to be fired at Sanath


 
sana 410px 26-09-13hirunewsශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙළේදී ආන්දෝලනාත්මක හාස්‍ය අයිතමයක් වූ පුස් වෙඩිල්ල නම් වැඩසටහන ඇතුළත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සිදු කළ  සිදු කළ පරීක්ෂණය යට ගසා ඇතැයි වාර්තා වේ.
මෙම පරීක්ෂණය යට ගසා ඇත්තේ අදාල වැඩසටහන සම්මාන උළෙලට එක් කිරීමට එම ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා සෘජුව සම්බන්ධව සිටීම නිසා බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් නොපැවැත්වුවහොත් තමා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව සනත් ජයසූරිය මහතා ලිපියක් මගින් ක්‍රිකට් විධායක කමිටුවට දන්වා තිබිනි.
මේ අනුව, සනත්ට සිය ලිපිය අනුව කටයුතු කරනු හැර
වෙන සරණක් නොලැබෙන බව ක්‍රිකට් විචාරක මතය වේ.
නිශාන්තට අමතරව, අදාල සිද්ධියේ චෝදනා එල්ලවී ඇත්තේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අළෙවි කළමනාකරු වජිර දසනායක හා ගයාත්‍රි වික්‍රමසිංහ යන දෙදෙනාටය.
වජිර ද නිශාන්තගේ ඥාතියකු බව ද පැවසේ.

No comments:

Post a Comment