HIRU TV

Thursday, October 17, 2013

80 years of love end in marriage

දෑඟිලි නොබැදුනත් ප්‍රේමය නොබින්ද යුවළක්

80 years of love end in marriage

 
After80YearsMarrage 410px 1hirunewsදෙවැනි ලෝක යුද්ධයට සය වසරකට පෙරාතුව ඇරඹුනු මෙය සදානොවෙනස් වූ ආදර කතාවකි.
පැරගුවේ ජාතික 103 හැවිරිදි හොසේ මැනුවෙල් රියෙලා සහ 99 හැවිරිදි මාටිනා ලොපේස් වසර 1933 සිට දක්වා වසර 80ක කාලයක් එක් වහලක් යට සුවසේ කල ගෙවා ඇත්තේ විවාහපත්වීමකින් තොරවයි.
නීතියෙන් විවාහ නොවුනත් දීර්ඝ සහ සාර්ථක පවුල් ජීවිතයක් ගත කල මෙම යුවල අවසානයේ විවාහපත්වීමට තීරණය කර ඔවුන්ගේ දරුමුණුබුරන් පිරිවරාගෙනය.
විවාහ උත්සවය සඳහා යුවලගේ දරුවන් 8 දෙනාගෙන්
බහුතරය සමඟ මුණුබුරන් සහ මී මුණුබුරන් 100කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර රෝද පිටුවේ සිටින මනමාලයා සහ සුන්දර ලෙස සැරසුණු මහළු මනාලිය කාගෙත් නෙතඟට සතුටු කඳුළු එක් කළ බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

No comments:

Post a Comment