HIRU TV

Saturday, October 5, 2013

Protestors fire gunshots; Maithree's father arrested

ශිරාල්-මෛත්‍රීගේ පෙලපාලිකරුවෝ වෙඩිතබති: මෛත්‍රිගේ පියා අත්අඩංගුවට

Protestors fire gunshots; Maithree's father arrested

 
matara atteck 410px 05-10-1hirunewsශිරාල් -මෛත්‍රී ගේ පෙළපාලියේ ගමන් ගත්  පිරිස්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවන්ට වෙඩි තබා ඇතැයි වාර්තාවේ.මාතර නගර මධ්‍යයේ පිහිටි නගර සභාව අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
එම පෙළපාලියේ ඉදිරියෙන්ම පැමිණි මෛත්‍රි ගුණරත්න මහතාගේ පියා වන හර්මන් ගුණරත්න මහතා විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත්,  පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත් බවත් මාතර නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත මහතා 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.
හර්මන් ගුණරත්න මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයකු  බවද ඔහු සඳහන් කළේය.
හර්මන් ගුණරත්න මහතා විසින් තැබු වෙඩි ප්‍රහාරයෙන් නගර සභාවේ සේවයකු තුවාල ලබා ඇත. එම තත්වය තුල නගර සභා සේවකයින් ඔහුව අල්ලාගෙන පොලිසියට බාර දී තිබේ.
පෙළපාලිය නරඹන්නට මාර්ගය අද්දරට පැමිණ සිටි නගර සභාවේ ඕවර්සියර්වරයකු
වන ඩබ්.ඒ.දිලුම් පද්මසිරි මහතාට එසේ වෙඩි පහර එල්ලවී ඇති අතර, ඔහුව වහාම මාතර රෝහල වෙත ඇතුලත්කර තිබේ.
මෙහිදී එල්ලවූ වෙඩි පහරකින් දහුණු පළාත්සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර මහතාද තුවාල ලබා, කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇත. 
ඔහු රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමේ පෙළපාලියට සහභාගිවීමට මාතරට ගොස් සිටියදී මෙම වෙඩි පහරට ලක්ව ඇත.
මාතර නගරය තුල ඇතිව තිබෙන උසුසුම්කාරි තත්වය තුල පෙළපාලිය අත්හිටුවීමට පොලිසිය පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

No comments:

Post a Comment