HIRU TV

Saturday, October 5, 2013

Students strip against mini-skirt ban

ඇඳුම් කැපිල්ලට යටකළිසමෙන් යයි

Students strip against mini-skirt ban

 
Protest 410px 13 10 05hirunewsයටකළිසමෙන් පමණක් සිය දේශන වලට සහභාගී වූ විශ්වවිද්‍යාල සිසුසිසුවියන් කණ්ඩායමක් පිළිබඳව හංගේරියාවෙන් වාර්තා වේ.
ඒ, විශ්වවිද්‍යාල බලධාරීන් විසින් සිසුසිසුවියන් ගේ ඇඳුම් පැළඳුම් මත පනවා තිබූ නව නීතිරීති මාලාවකට විරෝධයක් ලෙසිනි.
නව නීතිරීති අනුව කෙටි සායන්, සෙරෙප්පු හා උඩුකය නිරාවරණය වන ගවුම් මෙන්ම නුසුදුසු විලාසිතා ආයිත්තම්, අපිළිවෙළ නියපොතු හා හිසකේ ද තහනම් වේ.
නව නීති අනුව සිසුන් වෙනුවෙන් වඩාත් සාම්ප්‍රදායික ඇඳුම් නියම කර තිබුණද, ග්‍රීෂ්ම සමයේදී තරමක් සැහැල්ලු ඇඳුම් ඇඳිය හැකි බව පැවසේ.
ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක වූ මෙම නීති වලට එරෙහිව ඉහත විරෝධතාවය පැවැත්වූයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීය.
මෙම විරෝධතාවයට සිසුසිසුවියන් 10 දෙනෙකු මෙන්ම මහචාර්යවරියක්
ද එක්ව තිබෙන බව විදෙස් වාර්තා වල දැක්වේ.
නියමිත ඇඳුමෙන් සැරසී දේශන ශාලාව වෙත ගොස් ඇති මොවුන් පසුව සිය ඇඳුම් ගලවා ඉවත් කර තිබේ.
සෙරෙප්පු හා මුහුදු වෙරළ වෙත යනවිට භාවිතා කරන තුවා (බීච් ටවල්) වලින් සැරසී ලබන සඳුදා දිනයේදී ද මෙවැනිම විරෝධතාවයක් පැවැත්වීමට මොවුන් අදහස් කර සිටින බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
පහත දැක්වෙන්නේ මෙම කණ්ඩායම විරෝධතාවයේ නිරත වන අතරතුරේදී හා ඊට පෙර ගත් ඡායාරූප ය.
(ඡායාරූප : ඩේලිමේල්)

No comments:

Post a Comment