hirunewsරතුපස්වල සියනෑ ජලය සුරැකීමේ ජනනැගුම සංවිධානයේ අනුශාසක ලෙස කටයුතු කළ තෙරිපැහැ සිරිධම්ම හිමියන් එම තනතුරෙන් ඉවත් කළ බව එහි කැඳවුම්කරු ප‍්‍රමිත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
වැලිවේරිය රතුපස්වල ජල ප්‍රශ්නයට මුහුණ දී සිටි ජනතාවගේ 'වීරයා' බවට පත්ව සිටි තෙරිපැහැ සිරිධම්ම හිමියන් සංවිධානය දැනුවත් නොකර රතුපස්වල සිද්ධියට මුල් වූ කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය සමඟ ගිවිසුම්ගත වීම හේතුවෙන් මෙලෙස ඉවත් කළ බව මාධ්‍ය හමුවක් කැඳවමින් ප‍්‍රමිත හෙට්ටිආරච්චි සඳහන් කළේය.
පසුගිය 10 වැනිදා ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේදී මෙම ගිවිසුම
අත්සන් කළ අතර, ඊට රතුපස්වල ස්වාමින් වහන්සේ, කර්මාන්තශාලා පාර්ශවය සහ ප‍්‍රදේශවාසියෙකු අත්සන් කර තිබිණ.
මෙම ගිවිසුමට සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් තැබූ ප‍්‍රදේශය නියෝජනය කළ විද්වත් කමිටුවේ සාමාජික සම්පත් සමරකෝන් කියා සිටියේ මෙම ගිවිසුමෙන් තමන් ඉවත් වන බවයි.
No comments:
Post a Comment